මෙකේ තියෙන විශේෂත්වය තමයි මේක සමාන්‍ය ලැප්ටොප් එකක සිට ටැබ්ලට් පරිඝනකයකට මාරු කල හැකි වීම. ඉතා රළු තත්වයන්ට ඔරොත්තු දීමේ ඉතා හැකියාවකින්ද යුක්ත වෙනවා. නිෂ්පාදකවරු කියනා විදියට මෙම පරිඝනකය හමුදාමය සම්මතයන්ට අදාලව නිෂ්පාදනය කර තිබෙනවා. විශේෂයෙන් දූවිලි , වතුර සහ ගැස්සීම් වලට හොදින් ඔරොත්තු දෙනවා. ඉතා තද ඉර එලියෙදිත් හොදින් නැරඹිය හැකි තිරයකින් යුක්ත වන මෙහි තිරය ඇගිලි වලට සහ එහි ඉන්පුට් පෙන් එකටත් සන්වේදිතාවය දක්වනවා. යතුරු පුවරුව රහිතව මෙය භාවිතා කිරීමේ හැකියාව මෙය සතු වෙනවා.
ඉතා රළු පරිසරයක වැඩ කරන ඔඹට ඉතාමත් සුදුසු වන මෙහි හාර්ඩ් ඩිස්ක් එක එහෙම නැතිනම් දෘඩ තැටිය ෂොක් මවුන්ටඩ් එහෙමත් නැතිනම් කම්පන වලට ඔරොත්තු දෙන විදියට සවි කර තිබෙනවා.
මෙන්න මේවා වලින් සමන්විතයි.
1. ජන්ගම උපාන්ගයකි
2. ක්ෂණික මාරුව(නොට්බුක් සිට ටැබ්ලට් සහ අනිත් පැත්තට )
3. අගල් 13.3 පැහැදිලි තිරය. (ඉතා රලු ඉර එලියෙදීත් පැහැදිලි දර්ශන )
4. ස්පර්ෂ සන්වේදනය හා පෙන් භාවිතය
5. රාත්‍රියේදීත් භාවිතා කල හැකි යතුරු පුවරුව
6. ඇගිලි සටහන් හදුනා ගැනීමේ හැකියාව
7. කම්පන වලට ඔරොත්තු දෙන ගැලවිය හැකි දෘඩ ඩිස්කය
වැඩි විස්තර ඔනේ නම් මෙන්න
මෙතන ක්ලික් කරන්න.
හැබැයි ලොකුම ප්‍රශ්නය තමයි දැන් කියන්න යන්නේ. කීයද මේකෙ මිල?. මේක දැනට නම් ඇ.ඩො. 4895 ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් 4,89,500.00 ක් විතර.
ඔන්න මම ඒකේ ෆොටෝ ටිකකුත් එකතු කලා.




No comments:
Post a Comment
Please keep your comments.