See morw...

Tuesday, August 11, 2009

අලුත් හින්දි චිත්‍රපටියක්... - ලව් ආජ් කාල්

"ලව් ආජ් කාල්" එහෙමත් නැතිනම් "අද කාලයේ ආදරය" කියන්නේ මේ දිනවල ලෝකය පුරාම තිරගතවන තවත් අලුත්ම හින්දි චිත්‍රපටියක්. සුපිරි නලු නිලියන් රගන මෙහි සායිෆ් අලි කාන් සහ දීපිකා පදුකෝන් ප්‍රධාන චරිත නිරූපනය කරනවා. මෙය ඉම්තියාස් අලිගේ අධ්‍යක්ෂණයක් වන අතර මෙය ඔහුගේ තෙවන අධ්‍යක්ෂණය වේ.

ජේ(සයිෆ්) සහ මීරා(දීපිකා) ලන්ඩන් වල අධ්‍යාපනය හදාරන අතර අවුරුදු දෙකක් අවසානයේ මීරා නැවත ඉන්දියාවට පැමිනෙන්නේ ඉතා පුරාන ගොඩනැගිල්ලක ප්‍රතිසන්ස්කරන කටයුත්තකට සහභාගී වීමටයි. ඒ අතර ජේ එහිම නතර වන්නේ ඔහුගේ සිහින රැකියාව වන ගෝල්ඩන් ගේට් හි රැකියාවක් ලබා ගැනීමටයි. වෙන්වීමෙන් පසු අන්තර්ජාලය හරහා සහ දුරකතනයෙන් සබදතාවය පවතවාගෙන යාමට කතා කර ගන්නවා. මෙම සිදුවීම ඔවුන් දෙදෙනා සිටින ආපන ශාලා අයිතිකරු හොදින් බලා සිටිනවා. ඔහු විසින් යම් යම් දේ ජේ ට තේරුම් කර දීමට උත්සාහ කලත් ජේ විසින් එය එතරම් තැකීමක් කරන්නේ නැහැ.ඉන් පසු ඔහු ඔහුගේ අතීත ආදර කතන්දරය දිග හරිනවා. එතැන් පටන් මෙම ආදර කථා දෙක ඔස්සේ මෙම කථාන්දරය ගලා යන්න පටන් ගන්නවා.

"ජබ් වී මෙට්" චිත්‍රපටයට පසු එයට ගොඩාක් වෙනස් තවත් ආදර කතාවක් අධ්‍යක්ෂකවරයා විසින් නිර්මානය කර තිබෙනවා. මුල් විනාඩි 10 ය ඇතුලත ඔවුන් දෙදෙනා හදුන්වා දී ඔවුන්ගේ චරිත ගැන කෙටි හැදින්වීමක් කරනවා. පසුව ඉතාම දක්ෂ ලෙස ආකර්ෂනීය ලෙස නිර්මානය කර තිබෙනවා.
ආදර කථා වලට ආදරය කරන කැමති ඔබ අනිවාර්යෙන්ම නැරබිය යුතු චිත්‍රපටියක් ලෙස මෙය ණම් කරන්න පුලුවන්. මෙය බොහෝ සම්මන වලට පාත්‍ර වන බවට දැනටමත් බොහො අනාවැකි පලවී තිබෙනව.

Watch Love Aaj Kal (2009) නැරඹිමට මෙතන ඔබන්න.!

එහෙම නැතිනම් මෙතන ඔඹන්න.








No comments: