See morw...

Monday, September 21, 2009

මෙහෙන්දි ගැන දැන ගමුද?(what is mehendi?)

මෙහෙන්දි කලාව මෙය ශත වර්ෂ ගණනාවකට පෙර බිහි වුවත් මෙය මූලාරම්බය පිළිබදව හරියටම කියන්න බැහැ. නමුත් සමස්තයක් ලෙස මෙය ඉන්දියාවේදී උපත ලැබූ බවට බොහෝ දෙනා මත පල කරනවා.

නමුත් ඉතා ඈත අතීතයේදී ඊජීප්තුවේදී මෙය උපත ලැබූ බවටද මතයක් තිබෙනවා. මොකද දැනට සොයා ගත් පැරණි මමි වලත් මෙම ශරීරයේ අවයව පාට කර කලාත්මක විදියට තිබීම මෙයට හේතුවයි. මෙම මමීකරනයට දින 70ක් පමන යන අතර එම ජාතිකයන් එම ක්‍රියාවලියට ඉතාමත් දක්ෂයන් වේ.

ඔවුන්ගේ විෂ්වාසය හා ඇදහිලි අනුව ඔවුන් පුනරුප්පත්තිය විශ්වාස කරන අතර මරණයෙන් පසුව නැවත උපදිනතුරු කාලය ඉතාමත් සුභ වන බව ඔවුන්ගේ විශ්වාසයයි.මෙම කලාවට යොදා ගන්නේ හෙනා පවුඩර් වන අතර මෙය හදා ගනු ලබන්නේ ලෝසෝනියා ඉනර්මිස් නමැති ශාකයෙනි..

මේ තියෙන්නේ ඒකේ පින්තූරේ

මෙම ශාකය වැවෙන්නේ වියලි සහ උෂ්ණ කලාපයේ වන අතර එහි පත්‍ර වියලා කුඩු කර ගැනීමෙන් මම හෙනා ආලේපය සාදා ගනු ලැබේ.

සාමන්‍යයෙන් මෙම විලාසිතාව කාණ්ඩ 4කට බෙදන්න පුලුවන්. මැද පෙරදිග , උතුරු අප්‍රිකානු , ඉන්දියන් සහ ඉන්දුනීසියානු ලෙස මෙය බෙදන්න පුලුවන්. මැදපෙරදිග කලාව බොහෝ විට මල් ආශ්‍රිත වන අතර අප්‍රිකානු විලාසිතාව අතේ හැඩයට ඔබින ලෙස වෙනස් කල නිර්මාන වන අතර ඉන්දියානු විලාසිතාව මේ දෙකට වඩා ටිකක් උසස් නිර්මාණ ලෙස සලකන්න පුලුවන්. ඉන්දුනීසියන් කලාව මෙම කීපයේම සන්යුතියක් ලෙස දක්වන්න පුලුවන්.

මෙන්න මෙහෙමයි මෙහෙන්දි ගාන්න හෙනා එක හදා ගන්නේ....මෙන්න මේවා ටික කලින් හොයා ගන්න.

1. හෙනා මේස හැදි 2 ක්
2. උණු වතුර කෝප්ප 1.5 ක්
3. තේ පැකට් 2 ක්
4. දොඩම් යුෂ ටිකක්

හෙනා මේස හැදි දෙකක් භාජනයකට දමන්න. බලාගෙනයි මෙම භාජනයේ තත්වය අඩු වෙන්න පුලුවන්....ඒක නිස පරන එකක් ගත්තට කමක් නෑ. තේ පැකට් දෙක උනු වතුරට දමා විනාඩි 5ක් තිබෙන්නට හරින්න.
දොඩම් යුෂ ටිකක් දමා එයට හෙනා ටික දමා හොදින් මිශ්‍ර කරන්න.පසුව එයට තේ ටික දම්මින් කලවම් කරන්න. මේ වන්විට මෙය දිය වුනු උකු චොකලට් වගේ පෙනේවී.
පැය පහක් තබන්න.

හදා ගත් හෝ මිලට ගත් අච්චුවක් මගින් මෙය ආලේප කර ගන්න.









No comments: