See morw...

Monday, August 17, 2009

ඩෙල් සහ ඇන්ඩ්‍රොයිඩ් අතිනත ගැනීම...

ලොව ප්‍රචලිත ඩෙල් සමාගම තමන්ගේ නවතම ජන්ගම දුරකතනය චීන වෙලදපොලට හදුන්වා දෙන බව පසුගියදා ප්‍රකාශ කලා. මෙය වෙළද පොළ ඉතා ඉක්මනින් ආක්‍රමණය කරන බවට දැනටමත් බොහෝ දෙනෙක් අනාවැකි පලකරනවා. මිනි 3ඉ ලෙස නම් කර ඇති මෙය චීන වෙළද පොලට පමනක් මුලින් හදුන්වා දී පසුව ලොව පුරා බෙදා හැරීමට ඔවුන් තීරනය කර තිබෙනවා.
අගල් 3.5 ක ස්පර්ෂ සන්වේදී තිරයකින් සමන්විත මෙහි 360* 640 resolution ඇත. මේ වන විට වෙලදපොලේ ඇති ඇපල් i ෆෝන් එකේ ඇත්තේද 320 * 480 resolution පමනි. 3.2 මෙගා පික්සෙල් කැමරාවකින් සමන්විත මෙහි ෆ්ලෑෂරයක්ද අඩන්ගු කරතිබෙනවා. බ්ලූටූත් , USB සහ microSD තාක්ෂණ්යන්ද මෙහි අඩන්ගු වෙනවා.







No comments: