See morw...

Wednesday, August 19, 2009

හිනා වෙන්න..හිනා වෙන්න එතකොට තර වෙන්නේ……

අද මට ලැබුනු ඊමේල් එකක තිබුනු විහිලු කෑලි ටිකක් අපේ භාෂාවට හරවන්න හිතුනා. හොදට තෝරලා බේරලා තමයි මේක ලියන්න උනේ. මේක නිර්මානය කරපු කෙනා මාත් එක්ක තරහා වෙන්න එපා. සමහර තැන් සහ වචන ටිකක් මම වෙනස් කලා. මේක මට එවපු ඉමාලාට ස්තුතියි.

මම මේ කියන්න යන පුද්ගලයා එම්. සිල්වා කියලා හදුන්වමු. බඩ තියෙන කණ්නාඩි දමන මේ පුද්ගලයා අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්. පසු ගිය දිනෙක ගුටි කන්නත් වුන මෙම පුද්ගලයා අපේ ශ්‍රේෂ්ඨ රජතුමෙකුගේ නමකින් තමන් විසින්ම හදුන්වා ගන්නවා. මම හිතනවා දැන් නම් කවුද කියලා තේරෙන්න ඇති කියලා.



සිල්වා පොඩි ගෑනු ලමයෙක් එක්ක යාලු වෙන්න හිතුනු නිසා ලස්සන ගෑනු ලමයෙක් හොයාගෙන ගියා.

සිල්වා : අපි බදිමුද?
ළමයා : අපෝ ඔයා මට වඩා අවුරුද්දක් වැඩිමල් නේ? ඒක අපිට බලපානවා නේ?
සිල්වා : අපෝ..ඒක මොකක්ද?. අපි ලබන අවුරුද්දේ බදිමු.





ඔන්න අපේ සිල්වා මහත්තයා එයාගේ අඹුව (සිල්වී) එක්ක හොටෙල් එකක කාමරයකට ගියා. ගියපු වෙලේ ඉදලම සිල්වා කාමරයේ උඩ යට බල බලා ඉන්නව දැකපු සිල්වි මෙහෙම අහනවා.

සිල්වි : අයියෝ…ඔයා ආපු වෙලාවේ ඉදලා මොනවද මේ උඩ බිම බල බලා හොයන්නෙ?.
සිල්වා : හංගපු කැමරා

සිල්වි : ඇයි ඔයා හිතන්නේ මේක ඇතුලෙ හංගපු කැමරා තියෙනවා කියලා?.
සිල්ව : අර TV එකේ ඉන්න කොල්ලෝ ටික මම දිහා හොදට ඇහැ ගහගෙන ඉන්නේ. දැක්කේ නැද්ද අර උන් ටික විනාඩියෙන් විනාඩියට කියන්නේ “ඔබ දැන් නරඹන්නේ රූපවහිනිය” කියලා.
කොහොමද උන් දන්නේ මම දැන් බලාගෙන ඉන්නෙ රූපවාහිනිය කියලා?




සිල්වා මැරුනාට පස්සෙ ඌ කරපු හොද වැඩ නිසා දිව්‍ය ලෝකෙට යන්න තරම් වාසනාවන්ත උනා.
ලංකාවෙන් එන අයට දිව්‍ය ලෝකෙට ඇතුල්වෙන්න නම් ප්‍රශ්න දෙකකට උත්තර දෙන්න වෙනවා. ඒකට හේතුව ලංකාවේ අධ්‍යාපනය හොද නිසා.

නිලධාරියා : පළවෙනි ප්‍රශ්නය, T අකුරෙන් පටන් ගන්නා සතියේ දවස් දෙකක් නම් කරන්න.
සිල්වා : (ඔලුව කසමින් පොඩ්ඩක් කල්පනා කරයි….) TODAY සහ TOMMORROW

නිලධාරියා : (මූණ ඇඹුල් කර ගනිමින් සහ පුදුම වෙමින්) හ්ම්ම්ම්ම් කමක් නෑ, කමක් නෑ. ලංකාවේ නේ?
දෙවෙනි ප්‍රශ්නය , අවුරුද්දට SECONDS කීයද?

සිල්වා : (කල්පනා කරයි…….)

නිලධාරියා : ඉක්මන් කරන්න…….තව තත්පර 5..4…3…2..

සිල්වා : 12 යි.

නිලධාරියා : (ඇස් ලොකු කර ගනිමින්) ඒ කොහොමද?

සිල්වා : ජනවාරි 2 , පෙබරවාරි 2 , මාර්තු 2…….

නිලධාරියා තවත් වචනයක් වත් කතා නොකර ගේට්ටුව අරින ලදී.




සිල්වා සහ සිල්වී දවසක් කෝපි බොන්න හිතුනු නිසා කඩයකට ගොඩ විය.

සිල්වා : ඉක්මනට බොන්න…ඉක්මනට බොන්න….
සිල්වි : ඇයි?. මොකද හදිස්සිය?.
සිල්වා : ඇයි යෝදියේ…පේන්නේ නැද්ද අර අතන ගහල තියෙන්නේ? උණු කෝපි රු 5 යි. සීතල කෝපි රු 10 යි කියලා?.




සිල්වා යමක් ඉතාමත් හෙමින් හෙමින් ලිය ලියා ඉන්නවා දුටු ඔහුගේ මිතුරෙක් , ආ…. සිල්වා මොනවද ඔය හෙමින් හෙමින් ලියන්නේ?

සිල්වා : මම මේ මගේ පුතාට ලියුමක් ලියනවා.එයාට වේගයෙන් කියවන්න බෑ…..




ඇස් දෙක පියාගෙන කණ්නාඩිය ඉදිරිපිට හිටගෙන ඉන්නා සිල්වා දුටු සිල්වී ,

ඇයි මොකද ඔයා ඔතනට වෙලා හිටගෙන කරන්නේ?.

සිල්වා : මම මේ බැලුවේ මම නිදාගෙන ඉන්නකොට මොන වගේද කියලා…..

No comments: