See morw...

Monday, September 7, 2009

මෙන්න අපේ රූ රැජින(ජැකී) හින්දි සිනමාවට….

පහුගිය කාලයේම අසල්වැසි ඉන්දියාවෙන් නිලියන් ගෙන්වා අපේ සිංහල චිත්‍රපටි කරන කාලේ, මෙන්න අපේ කම දැනෙන්නටත් එක්ක හොද කතාවක්. 2006 වර්ෂයේදී MISS UNIVERSE තරගයට ඉදිරිපත් උනු ජැක්ලීන් ෆර්නැන්ඩස්ට ඉන්දියාවෙ මූවි එකකට ආරධනාවක් ලැබුනු බව අසන්නට ලැබුනා. බලනකොට කතාව ඇත්ත තමා. ඉන්දියාවෙ සුපිරි නලු නිලියන් සමග ප්‍රධාන චරිතයකට ඇයට ආරාධනාවක් ලැබිලා තියෙන්නේ.

මූවි එකේ කතා වස්තුව අපි කවුරුත් හොදින් දන්න අරාබි කතාවක්. ඇලඩින් තමයි කතාවෙ නම. මම ඉතින් කතාව විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මේ කතාව අපේ රටේ නොදන්න කෙනෙක් නැහැනේ.

ජැකී අපේ රටේ උපත ලැබුවත් රටේ ඒ කාලයේ තිබුනු යුධමය හා ආර්ථික තත්වය නිසා සිය පවුල සමග බහරේන් හි පදිංචියට ගිය අතර ඇයට තවත් සහෝදරියන් දෙදෙනෙක් සහ එක සහෝදරයෙක් සිටිනවා. පාසැල් කාලය නිමවීමෙන් පසු ඇයට ලැබෙන ශිෂ්‍යත්වය නිසා ඇය සිඩ්නි විශ්ව විද්‍යාලයට ඇතුලත් වන අතර එහිදී ඇය media and communication උපාධිය ලබා ගත්තාය.

උපන් රට වෙනුවෙන් යමක් කිරීමට ආසාවෙන් සිටින ඇය 2006 වර්ශයේදී MISS UNIVERSE තරගයට ඉදිරිපත් වී අපට කීර්තියක් අත් කර දුන්නාය.

ඇලඩින් සමග සිනමාවට පය තබන ඇය මෙමගින් ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගන්නා බවට විචාරකයයන් දැනටමත් අනාවැකි පලකර තිබෙනවා. අමිතාබ් බච්චන්, සන්ජය දත් , ජුහී චවුලා,රිටේෂ් දේෂ්මුක් සමග ජැකී මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා. මෙහි ඇය විසින් නිරූපනය කරනු ලබන්නේ ජැස්මින්ගේ එනම් රජ කුමරියගේ චරිතයයි. අමිතාබ් පහනේ භූතයා ලෙසත් සන්ජේ මුද්දේ භූතයා ලෙසත් රගපාන අතර ඇලඩින් ලෙස මුකේෂ් රග දක්වයි.

කොච්චර කිව්වත් ඉතින් කතාව නොකියත් බෑ වගේ. මෙන්න මේකයි කථාව.....

ඇලඩින් සහ ඔහුගේ මව චීනයේ ඉතා දිළිදු ලෙස ජීවත් වන අතර ඔහුගේ නෑදෑකමක් ඇති බව පවසන ඔහුගේ මහලු බාප්පා කෙනෙක් ඔහුව වැඩකට කැදවාගෙන යයි. බිම් ගුහාවකට යවා එහි ඇති පහන රැගෙන එන ලෙස ඇලඩින්ට අන කරන ඔහු ඇලඩින් විසින් එය හරියාකාරයෙන් ඉටු නොකිරීම නිසා ඔහු ඇලඩින්ව එහි හිර කර පලා යයි. නමුත් ඔහු විසින් දෙන ලද මුද්දේ සිටින භූතයාගේ බලයෙන් ඇලඩින් නැවත නිවස කරා පැමිනෙන අතර , රැගෙන පැමිනි පහනේ සිටින භූතයාගේ බලයෙන් ඉතා පොහොසත් වේ.
මේ අතර අහම්බයෙන් දකින රජ කුමරියට ආලය කරන ඇලඩින් භූතයාගේ බලයෙන් ඇයව විවාහ කර ගනී. නැවත පැමිනෙන මහලු මිනිසා ඇයව රවටා පහන හොරා ගෙන මාලිගාව සමග ඇයවද ඉතා ඈත කැලයකට පැහැර ගෙන යයි. මේ අතර ඇලඩින් තම මුද්දේ සිටින් භූතයාගේ පිහිටෙන් නැවත කුමරිය සහ මාළිගාව රැගෙන එයි. එයින් පසු ඔවුන් ඉතා සතුටින් කාලය ගත කලහ.















No comments: