See morw...

Thursday, August 27, 2009

August Rush(2007)

කාලෙකට පස්සේ ලස්සනම ලස්සන මූවි එකක් බැලුවා. හැමෝටම එකට ඉදන් බලන්න පුලුවන් ලස්සන එකක්. සංවේදී හදවතක් ඇතත් නැතත් අනිවාර්යෙන්ම ඇහැට කදුලක් එන්න පුලුවන් අවස්ථා කීපයක්ම තියෙනවා. 2008 වර්ෂයේදී සම්මාන කිහිපයක්ම දිනා ගත් අතර තවත් සම්මාන කිහිපයකටම යෝජනා වී තිබුනා.

අහඹු ලෙස හමුවන යුවලකට දාව උපන් කුඩා දරුවකු වටා ගෙතුනු කතාවක් වන මෙහි දරුවා ලෙස රගපානු ලබන්නේ ෆෙඩී හයිමොර්(ඉවෑන්) වන අතර ඔහුගේ මව හා පියා ලෙස රගපානු ලබන්නේ ජොනතන් රයිස්(ලුයිස්) හා කෙරී රසල්ය(ලයිලා).උත්පත්තියෙන් එන සන්ගීත හැකියාව හා නිපුනතාවය කුඩා දරුවාගේ මව සහ පියා සොයා ගැනීමට අහඹු ලෙස අවස්තාවක් උදා කරයි. මෙම අවස්ථාව දක්වා කථාව ඉතා උසස් හා කුතුහලය ආරම්භයේ සිට අවසානය දක්වාම පවත්වාගෙන යාමට අධ්‍යක්ෂවරයා සමත් වී තිබේ.

ලයිලා සහ ලුයිස් සංගීතයට ඉතාමත් ඇලුම් කරන අතර එක රාත්‍රියක ගිටාර් වාදනයක් අසා සිටින අතර හමු වී ආදරය කිරීමට පටන් ගනී. එකිනෙකාට වෙනස්ම වූ ජීව්ත දෙකක් වන මොවුන් දෙදෙනා ඊට පසු දින වෙන් වී යන මුත් නැවත හමු නොවේ. ලයිලාට දරුවකු ලැබීමට සිටින අතර මේ කිසිත් නොදන්නා ලුයිස් ලයිලා ගැන සිතමින් පසු වේ. ලයිලා හදිසි අනතුරකට භාජනය වන අතර මෙහිදී ඇයගේ පියා ඇගේ දරුවා කුස තුලදීම මිය ගිය බව පවසා අනාථ නිවාසයකට බාර දෙයි.ඉන් පසු ලයිලා හා ලුයිස් දෙදෙනාම තම සංගීත දිවියට සමු දෙන අතර අවුරුදු 11 කට පසුව මේ කිසිත් නොදන්නා අසරන කුඩා ඉවෑන් තම දෙමාපියන් සිටින බව හා ඔවුන් කෙදිනක හෝ තමාව සොයා ගෙන එන බව තරයේ විශ්වාෂ කරයි. එම අරමුනින් නිව්යෝක් කරා පැමිනෙන මුත් ඔහුට එහිදී හමුවන මොන්ගර් නමැති මිනිසා ඔහු ලවා මුදල් හම්බ කර ගැනීමේ ප්‍රයත්නයක යෙදේ.ඔහුගෙන් ගැලවී පැනයන ඉවෑන් පල්ලියකට යන අතර එහිදී පූජකතුමෙක් ඔහුව සංගීත පාසලකට ඇතුලත් කරයි. එහිදී ඉතාමත් දක්ෂ ලෙස ඉගෙන ගන්නා ඔහු නගරයේ පැවැත්වීමට නියමිත ප්‍රසංගයකට තෝරා ගැනේ. 3 දෙනෙකුගේ දක්ෂතා මෙතැනදී එලි දැක්වෙන අතර ලයිලාගේ දක්ෂතාද මෙහිදී එළි දැක්වේ. ලුයිස් ද මෙතැනට පැමිනෙන අතර අවසානයේදී පවුලේ සැම එක් වේ.







No comments: