See morw...

Wednesday, August 26, 2009

මොකක්ද මේ SMS කියන්නේ?

උදේ ඉදන් හවස් වෙනකල්...
අතේ මුදල් සතේට හිදෙනකල්...
කෙල්ල නිදියගන්නකම්....
මටත් නිදිමත එනකල්....
අකුරු රචන කරන එකම ක්‍රමය...
එස් එම් එස්....

මේ සින්දුව ඇහෙන හැම තිස්සෙම මට හිතුනු දෙයක් තමයි මේ SMS ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඔනේ කියන එක. ඒ නිසාම මම මේ ගැන ටිකක් හොයලා බැලුවා. අද මම ලියපු SMS ඇප්ලිකේෂන් මේ රටේ තිබ්බට මේ සැරේ හොයනකම් මම මේ දේවල් දැන ගෙන හිටියේ නෑ.

මෙන්න මෙහෙමයි කතාව. SMS කියලා කියන්නේ SHORT MESSAGE SERVICE කියන එක නේ.ඒක එහෙම උනාට මුලින්ම මේකෙ නම තිබුනේ short කියලා. පස්සෙ තමයි අර දිග නම දාලා තියෙන්නේ. කොහොම හරි 1980 අවුරුද්දේ තමයි SMS ගැන මුලින්ම කතිකාවතක් පටන් අරගෙන තියෙන්නේ. මේකට හේතුව වෙලා තියෙන්නේ මේ අද කාලේ වගේ ඒ දවස්වල ඔක්කෝම පාරිභෝගිකයන්ට ඇති වෙන්න තරම් කැපෑසිටි තිබිලා නැහැ නේ. ඉතින් ඔක්කෝටම කතා කරන්න තරම් කැපෑසිටි නැති වෙලාවට අඩුම තරමේ පණිවිඩයක් යවා ගන්න තමයි මේක යෝජනා වෙලා තියෙන්නේ.ඉතින් එදා ඉදලා කට්ටියම සෑහෙන තරම් මහන්සි උනා මේක ක්‍රියාවේ යොදවන්න. අවසානයේදී 1992 දෙසැම්බර් 03 වෙනිදා UK වල වොඩෆෝන් කියන GSM නෙට්වර්ක් එක හරහා නීල් පැප්වොර්ත් විසින් රිචඩ් ඩාවිස් ට තමයි පලමුවෙනි SMS එක යවලා තියෙන්නේ. පණිවිඩය "සුභ නත්තලක්" කියන එක. මේක හැබැයි මොබයිල් එකක ඉදලා මොබයිල් එකකට යවපු එකක් නෙමේ. මේක නීල් ගේ පරිඝනකයේ සිට යවපු එකක්. ඒ වෙනකොට රිචර්ඩ් ගේ ලග තිබිලා තියෙන්නේ ORBITEL 901 කියන ෆෝන් එක.

කොහොම හරි 1993 දී නොකියා සමාගමේ සිසුවෙක් විසින් මුල්ම මොබයිල් එකකින් මොබයිල් එකකට SMS එකක් යවන්න සමත් වෙලා තියෙනවා.

ඉතින් මෙහෙම පටන් ගත්තු මේ සේවාව දැන් නම් ගොඩාක් දියුනු තත්වයකට ඇවිල්ල තියෙනවා.

අපි SMS එකක් සෙන්ඩ් කලාම ඒක අපේ නෙට්වර්ක් එකේ තියෙන SMSC එකට යනවා.SMSC කියන්නේ SMS CENTRE කියන එකට. මේක SMS වලටම වෙන් වුනු තාක්ෂණයක්. මේක එන SMS තියාගෙන අදාල පුද්ගලයන්ට යවන්න පුලුවන් මෙවලමක්. හරියට call excange එකක් වගේ. අපි යවන SMS එක ලබන්නා ඒ මොහොතේ සිග්නල් නැති තැනක හරි ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්නවනම් මේ SMS ලැබෙන්න විදියක් නැහැ නේ. ඉතින් ඒ වගේ වෙලාවට SMSC එක අර SMS එක එයා ලග තියා ගන්නවා. පස්සේ කොයි වෙලාවක හරි ෆෝන් එක ඔන් කලාම අර SMS එක යවනවා. අපිට පුලුවන් මේ SMS තියාගන්න වෙලාව තීරනය කරන්න. අපේ SMS සෙටින්ග්ස් වල තියෙනව MAXIMUM VALIDITY PERIOD කියලා එකක්.අන්න එතනින් අපිට පුලුවන් මේක පාලනය කරන්න. ඇයි මේක පාලනය කරන්න ඕන වෙන්නේ?. අපි හිතමු මෙහෙම. දැන් ඔයා TV එකේ වැඩසටහනක් බලනවා. ඔයා ඔයාගේ යාලුවෙකුට SMS එකක් දමනවා "මචන් මේක බලපන්" කියලා. ඒත් ඒ යාලුවා ඒ වෙලාවේ ෆෝන් එක ඕෆ් කර ගෙන ඉන්නේ. වැඩසටහන ඉවර උනාට පස්සේ SMS ගිහිල්ලා වැඩක් නැහැනේ. ඉතින් ඒක නිසා අපිට පුලුවන් මේ SMS එකේ කාලය පැයක් කියලා දමන්න. පැයක් ඇතුලත මේක ගියේ නැතිනම් ඒක යවන්නේ නැතිව අතෑරලා දමන්න කියන එක තමයි එතනින් කියන්නේ.

සාමාන්‍යයෙන් එක SMS එකකට 140 byte ක් එහෙම නැතිනම් 1120 it තියෙනවා. අපි 7 bit encoding පාවිච්චි කරනවානම් ඒ කියන්නේ english වගේ එකක් භාවිතා කරනවානම් අකුරු 160 ක් යවන්න පුලුවන් . 16 bit encoding එකක් පාවිච්චි කරනවානම් අපිට යවන්න පුලුවන් වෙන්නේ අකුරු 70 ක් විතරයි. ඒ කියන්නේ සින්හල SMS යවනවනම් අපිට යවන්න පුලුවන් වෙන්නේ අකුරු 70ක් විතරයි.

මීට අමතරව අපිට binary යවන්නත් පුලුවන්. ඒක නිසා ring tones,picture messages,settings යවන්න පුලුවන් වෙලා තියෙනවා.

තවත් මේ ගැන මොනවා හරි දැන ගන්න ඕනේ නම් මේකෙ comment එකක් දමන්න. ඊ ලගට මම කියන්න යන්නේ තවත් මේ වගේම තාක්ෂනයක් ගැන. ඒක ලියන්නේ මේකෙ comments බලලා තමයි. මම මේකට තොරතුරු හොයා ගත්තේ විකිපීඩියා එකෙන්.

No comments: